අන්තර්ජාලය – Internet
අන්තර්ජාලය යනු,
- ලොව පුරා පිහිටි පරිගණක ජාල වල එකතුවකි.
- ලොව පුරා තොරතුරු සන්නිවේදනය කරගැනීමට ඇති වේගවත් ම මාර්ගය වේ. (Information Super Highway)
- අන්තර්ජාලය භාවිතය පිළිබඳ ප්‍රතිපත්ති සහ එහි ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යනු ලබන නියමාවලි (Protocol) පිළිබඳව කටයුතු කරන්නේ අන්තර්ජාල සමාජය (The Internet Society) නම් ආදායම් නොලබන සංවිධානය මඟිනි.
- යම් පරිගණකයක් අන්තර්ජාලයට සම්බන්ධ වූ විට එය ද අන්තර්ජාලයට අයත් පරිගණකයක් වේ.
ඒකාකාර සම්පත් නිශ්චායකය (URL – Uniform Recourse Locator)
- පරිගණක අතර තොරතුරු අන්තර්ජාලය හරහා සම්ප්‍රේශනය කිරීමට HTTP – Hypertext Transfer Protocol නම් වූ නියමාවලි යොදා ගනී.
- මෙම අති විශාල තොරතුරු අන්තර්ජාලය හරහා සපයනු ලබන සේවාව වන්නේ ලෝක ව්‍යාප්ත වියමන (World Wide Web – www ) වේ.
- www සේවාව තුළ විවිධ වෙබ් අඩවි වල මෙම තොරතුරු පවතී.
- එබැවින් එම විවිධ තොරතුරු අනන්‍යව හඳුනා ගැනීමට යෙදා ගන්නා ක්‍රමය වන්නේ ඒකාකාර සම්පත් නිශ්චායකය (URL – Uniform Recourse Locator) වේ.
ඒකාකාර සම්පත් නිශ්චායකයක (URL) ඇති කොටස්
පහත දැක්වෙන ඒකාකාර සම්පත් නිශ්චායකය සලකන්න.
- ඒකාකාර සම්පත් නිශ්චායකයක http නියමාවලියේ සිට වසම් නාමය දක්වා තිබීම අනිවාර්ය වේ.
උදාහරණ :-
- http://www.edupub.gov.lk – අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව
- http://www.moe.gov.lk – අධ්‍යාපන අමාත්‍යංශය
- http://www.nie.lk – ජාතික අධ්‍යාපන ආයතනය
- http://www.doenets.lk – ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
IP (Internet Protocol) ලිපිනය
- අන්තර්ජාලයට සම්බන්ධ සෑම පරිගණකයක්ම අනන්‍යව හඳුනා ගන්නේ IP ලිපිනය මඟිනි.
- මෙය දශම තිතෙන් (“.”) වෙන්වෙන 0 සිට 255 දක්වා වූ අගය කාණ්ඩ හතරක් මඟින් දක්වයි.
- මෙම අංකනය “Dotted Decimal Notation” යනුවෙන් හඳුන්වයි.
- උදාහරණ :-
- 168.1.5
- 10.15.25
- 105.2.105
- උදාහරණ :-
- අන්තර්ජාල සේවා සැපයුම් කරුවන් (ISP – Internet Service Provider) විසින් IP ලිපින ලබා දෙයි.
- ඒ සඳහා අදාල සේවා සපයන ආයතනයට ගෙවීම් කළ යුතු වේ.
වසම් නාමය (Domain Name)
ඉහත සඳහන් URL එක සලකන්න. එහි,
- .gov මඟින් රාජ්‍යය (Government) ද,
- .lk මඟින් ශ්‍රී ලංකාව ද නියෝජනය කරයි.
- මෙහි gov ට පසුව යෙදෙන lk වසම ඉහල වසම් නාමය ලෙස හඳුන්වයි.
- අන්තර්ජාගයේ සෑම වෙබ් අඩවියකටම අනන්‍යතාවයක් වසම් නාමය මඟින් ලබා දෙයි.
- වසම් නාමය මඟින් අදාල වෙබ් අඩවි අයත් ක්ෂේත්රය හෝ අයත් රට හෝ මෙම දෙකම පිළිබඳ අවබෝධයක් ලබාගත හැකි වේ.
වසම අයත් ක්ෂේත්රය අනුව,
වසම (Domain) | ක්ෂේත්රය (Filed) |
.com | වානිජමය |
.gov | රාජ්‍ය |
.edu | අධ්‍යාපන |
.net | ජාලගත |
.org | ආදායම් රහිත සංවිධාන |
වසම අයත් රට අනුව,
වසම (Domain) | රට (Country) |
.lk | ශ්‍රී ලංකාව |
.in | ඉන්දියාව |
.au | ඕස්ට්‍රේලියාව |
.jp | ජපානය |
.uk | එක්සත් රාජධානිය |
.us | එක්සත් ජනපදය |
- වසම් නාමයක දකුණු පස කෙළවරේ ම පවතින වසම, ඉහළ මට්ටමේ වසම (Top Level Domain) ලෙස හඳුන්වයි.
URL | වසම් නාමය | ඉහළ මට්ටමේ වසම |
http://www.google.com | google.com | .com |
http://www.edupub.gov.lk | edupub.gov.lk | .lk |
http://www.nie.lk/pages/syllubus.asp | nie.lk | .lk |
http://www.unicode.org/consortium/consort.html | unicode.org | .org |
අන්තර්ජාලයේ මෙහෙයුම සිදුවන ආකාරය.
- අන්තර්ජාලයට පිවිසීමට ඔබ විසින් වෙඩ් අතරික්සුවක් භාවිතා කළ යුතු අතර, එහි ඔබට පිවිසීමට අවශ්‍ය වෙබ් අඩවියේ ලිපිනය හෙවත් ඒකාකාර සම්පත් නිශ්චායකය (Uniform Resource Locator – URL) ලබා දිය යුතු වේ.
- ඔබ විසින් ඇතුලත් කරන ලද කියවීමට හැකි ලිඛිත ලිපිනය IP ලිපිනයකට පරිවර්තනය කළ යුතු වේ.
- මෙම පරිවර්තනය වසම් නාම සේවාදායකය (Domain Name System – DNS) මඟින් සිදු කරයි.
- සෑම විටම ඔබ විසින් අන්තර්ජාලයට පිවිසීමට එහි ලිපිනය ඇතුලත් කිරීමේදී සිදුවන්නේ එයට අනුරූප නිවැරදි IP ලිපිනයට පරිවර්තනය කිරීම සඳහා එය DNS වෙත යොමු කිරීමයි.
- DNS මඟින් ලබාදෙන IP ලිපිනය මඟින් ඔබව අදාල වෙබ් අඩවියට ම්බන්ධ කරයි.
- මෙම ක්‍රියාවලිය පසුබිමින් ඉතා ඉක්මනින් සිදු වන බැවින් එවැන්නක් සිුවන බව පරිශීලක ඔබට නොදැනෙන තරම් වේ.
- වෙබ් අඩවි සඳහා සත්‍ය වශයෙන්ම ඇත්තේ IP ලිපිනයක් වේ. එය අංක සමූහයකින් සැදුම්ලත් ලිපිනයකි.
- අපට එවැනි අංක රාශියක් මතක තබා ගැනීමට වඩා පහසුවෙන් වචන මතක තබා ගත හැකි නිසා IP ලිපින සඳහා වසම් නාම හඳුන්වා දී ඇත.
- අන්තර්ජාලයට හිමිකරුවෙකු නොමැත.
- එය මෙහෙයවීමට නියමාවලි (Protocol) පවතී. ඒවායින් කිහිපයක් නම්,
- HTTP – Hypertext Transfer Protocol (HTML ලේඛන හුවමාරුව)
- TCP/IP – Transmission Control Protocol / Internet Protocol (IP ලිපින හුවමාරුව පාලනය කිරීම)
- FTP – File Transfer Protocol (ගොනු හුවමාරුව)
- SMTP – Simple Mail Transfer Protocol (විද්‍යුත් තැපැල් හුවමාරුව)
- ICMP – Internet Control Message Protocol (දෝෂ ඇති අවස්ථා වල පණිවිඩ දැන්වීම හා පණිවිඩ පාලනය)
- අන්තර්ජාලය පුළුල් ප්‍රදේශ ජාලයකි. (Wide Area Network – WAN)
- එය සේවාලාභී හා සේවාදායක ආකෘතියක් (Client Server Model) මත නිර්මාලය වී ඇත.
- අන්තර්ජාලයට සම්බන්ධ සෑම පරිගණකයක්ම සේවාලාභී හෝ සේවාදායක යන වර්ග දෙකෙන් එකකට අයත් වේ.
- සේවාදායක හෙවත් සේවා යෝජිත පරිගණක මඟින් සේවා ලාභී පරිගණක වෙත අවශ්‍ය සම්පත් බෙදා දෙනු ලබයි.
- බාගත කිරීම (Download) – සේවාදායක පරිගණකවල ඇති තොරතුරු සේවාලාභී පරිගණක වෙත ලබා ගැනීම.
- උඩුගත කිරීම (Upload) – සේවාලාභී පරිගණකවලා ඇති තොරතුරු සේවාදායක පරිගණක වෙත ලබාදීම.
අන්තර්ජාල සේවාදායක පරිගණක කිහිපයක්.
- Web Server – වෙබ් පිටු තැම්පත් කර තබාගැනීම හා සේවාලාභී පරිගණක වෙත ලබාදීම.
- Mail Server – විද්‍යුත් තැපැල් තැම්පත්කර තබා ගැනීම හා සේවාලාභී පරිගණක වෙත ලබා දීම.
- DNS Server – URL, IP ලිපින බවට පරිවර්තනය කිරීම.
අන්තර්ජාලයේ කාර්යයන්.
- ලෝක ව්‍යාප්ත වියමන (World Wide Web – WWW)
- විද්‍යුත් තැපෑල (Electronic Mail – Email)
- ගොනු හුවමාරු නියමාවලිය (File Transfer Protocol)
- දුරස්ථ පිවිසුම (Remote Access)
- ගොණු බෙදා ගැනීම (File Sharing)
- බහුමාධ්‍ය සැපයුම (Streaming of media)
- සෙවුම් යන්ත (Search Engines)
ලෝක ව්‍යාප්ත වියමන (World Wide Web – WWW)
- ලොව පුරා පරිගණක වල ගබඩා කර ඇති විද්‍යුත් ලේඛන වල එකතුවකි.
- මෙහි නිර්මාතෘ වන්නේ සර් ටිම් බර්න්ර්ස් ලී (Sir Tim Berners Lee) මහතා වේ.
- වෙබු අතරික්සුවක් හරහා මෙයට පිවිසිය හැකිය.
- වෙබ් අඩවියක වෙබ් පිටු කිහිපයක් පැවතිය හැකිය. එම පිටු වල,
- ලිඛිත සටහන්
- පිංතූර
- වීඩියෝ
- ශබ්ධ
- වෙනත් බහු මධ්‍ය සහ අධි සන්ධාන (Hyperlink) අඩංගු වේ.
ගොනු හුවමාරු නියමාවලිය (File Transfer Protocol)
- විද්‍යුත් තැපැල් පණිවිඩයක අමුණා යැවීමට නොහැකි විශාල ප්‍රමාණයේ ගොනු හවමාරුව සඳහා යෙදා ගැනේ.
- අන්තර්ජාලයේ Upload/Download සඳහා යොදා ගනී.
දුරස්ථ පිවිසුම (Remote Access)
- අන්තර්ජාලයේ ඇති පරිගණකයක් දුරස්ථව සිට පාලනය කිරීමට හා හැසිරවීමට මෙමඟින් හැකියාව ලැබේ.
- ඇතැම් විට පරිශීලකගේ අනුදැනුමකින් තොරවද වෙනත් පරිශිලකයින් පරිගණකයේ ඇති වැදගත් දත්ත හා තොරතුරු සොරා ගැනීමටද මෙය භාවිත කරයි. එවිට එය Hacking ලෙස හැඳින්වේ.
ගොනු බෙදා ගැනීම (File Sharing)
- පරිගණක ජාලගත කිරීමේ ප්‍රධානතම අරමුණ මෙය වේ.
- ඒ අනුව අන්තර්ජාලය තුළ මෙම ක්‍රියාවලිය නිරනුතරයෙන්ම සිදු වේ.
- මාර්ගගතව විභාග ප්‍රතිඵල බැලීමේදී එක් සේවා දායක පරිගණකයකට විශාල සේවා ලාභී පරිගණක ගණනක් සම්බන්ධ වීම.
- වෙබ් අඩවියක් වෙත පරිශීලකයින් දහස් ගණනක් සම්බන්ධ වීම.
බහුමාධ්‍ය සැපයුම (Streaming of media)
- අන්තර්ජාලයේදී පාඨ, ශ්‍රව්‍ය සහ දෘෂ්‍ය යන සුයලු ආකාරයේ බහුමාධ්‍ය සහිත තොරතුරු පරිගණක අතර හුවමාරු වේ.
සෙවුම් යන්ත්‍ර (Search Engines)
- අන්තර්ජාලයේ අඩංගු සියලුම තොරතුරු තිබෙන වෙබ් අඩවි සියල්ලම අප නොදනී.
- එනමුත් අපට අවශ්‍ය විෂයට අදාල තොරතුරු සහිත වෙබ් අඩවි සොයා ගැනීමට සෙවුම් යන්තු භාවිත කරයි.
- මෙමඟින් ඉතා පහසුවෙන් අන්තර්ජාලයේ ඇති සම්පත් සොයා ගැනීමට හැකියාව ලැාබ්.
- බහුලව භාවිත කෙරෙන සෙවුම් යන්ත්‍ර කිහිපයක් නම්,
සන්නිවේදනය සඳහා අන්තර්ජාලය භාවිතය
විද්‍යුත් තැපෑල
- පුද්ගලයින් දෙදෙනෙකු හෝ සමූහයක් අතර විද්‍යුත් ක්‍රමයට ලිපි හා ලිපිගොණු ලෙස පණිවුඩ හුවමාරු කිරීම විද්‍යුත් තැපෑල මඟින් සිදු වේ.
- මෙය ලොව ඇති වේගවත්ම හා ලාභදායී සන්නිවේදන ක්‍රමය වේ.
- පුද්ගයයෙකුගේ විද්‍යුත් තැපැල් ගිණුම අන්තර්ජාලය තුළ ඔහුගේ අනන්‍යතාවය හඳුනා ගැනීම සඳහාද භාවිත වේ.
- විද්‍යුත් තැපැල් ලිපිනයක් පරිශීලක නාමය හා වසම් නාමය ලෙස කොටස් දෙකකින් සමන්විත වේ. මෙම කොටස් දෙක @ සලකුණ මඟින් වෙන්කර දක්වනු ලැබේ.
- exams@doenets.lk මෙම විද්‍යුත් තැපැල් ලැපිනයෙහි,
- පරිශීලක නාමය – exams වේ.
- වසම් නාමය – lk වේ.
- විද්‍යුත් තැපැල් ලිපිනයක් විද්‍යුත් තැපැල් සේවා සපයන වෙබ් අඩවියක් මඟින් පහසුවෙන්ම නොමිලයේ සකස් කරගත හැකිවේ.
- විද්‍යුත් තැපැල් ගිණුමකට විද්‍යුත් තැපැල් ලිපිනයක් සහ මුරපදයක් පැවතීම අනිවාර්ය වේ.
- තම විද්‍යුත් තැපැල් ගිණුමට ලිපිනය හා මුරපදය යොදා ඇතුළු වීමෙන් විද්‍යුත් තැපැල් ලිපි යැවීම සහ ලැබුනු විද්‍යුත් තැපැල් ලිපි බැලීම සිදු කල හැකිවේ.
- exams@doenets.lk මෙම විද්‍යුත් තැපැල් ලැපිනයෙහි,
විද්‍යුත් තැපැල් ලිපියක් යැවීම
- තම විද්‍යුත් තැපැල් ගිණුමට ඇතුළු වී Compose බොත්තම Click කළ විට පහත අයුරු කවුළුවක් ඔබට දිස් වේ.
- To යන ස්ථානයේ ලබන්නාගේ ලිපිනය සඳහන් කරන්න.
- Cc (Carbon Copy) යන ස්ථානයේ මෙම ලිපියේම පිටපත් යැවිය යුතු අයගේ ලිපිනය සඳහන් කරන්න.
- Bcc (Blind Carbon Copy) මෙම විද්‍යුත් ලිපිය ලැබෙන To සහ Cc ට නොදැනෙන ලෙස මෙම ලිපිය යැවිය යුතු අයගේ ලිපිනය මෙහි සඳහන් කරන්න.
- Subject යන ස්ථානයේ විද්‍යුත් තැපැල් ලිපියට අදාල මාතෘකාව හෝ අදාල විෂය සඳහන් කරන්න.
- (Attachment) දැක්වෙන ස්ථානය මත Click කර විද්‍යුත් තැපැල් ලිපිය සමග යැවිය යුතු විද්‍යුත් ගොණුවක් හෝ ගොණු සම්බන්ධ කරන්න.
- එයට පහලින් ඇති සුදු පැහැති අවකාශය තුළ ලිපිය යතුරුලියනය කරන්න.
- Send යන ස්ථානය මත ක්ලික් කිරීමෙන් ලිපිය යවන්න.
පරිශීලකගේ පහසුව සඳහා විද්‍යුත් තැපැල් ගිණුමක ඇති ලිපි බහාලුම් කිහිපයක්,
- Inbox – ලැබෙන ලිපි තැම්පත් කිරීම
- Drafts – යැවීමට සකස් කළ සම්පූර්ණ නොකල ලිපි බහාලුම
- Sent – යවනලද ලිපි බහාලුම
- Outbox – Send කළ පසු ලබාන්නා වෙත යන තුරු ලිපිය තාවකාලිකව තබා ගැනීම
- Trash/Deleted – මකාදමන ලද ලිපි යම් කාලයක් රඳවා තබා ගැනීම
- Spam/Junk – ආයාචිත (අනවශ්‍ය) ලිපි බහාලුම
This article is very usefull. 🙂